Wednesday, April 9, 2014

ධර්ම-ක්ෂය-රෝගය


ලොව පුරා වෙසෙන කි‍්‍රස්තියානීන් යයි කියාගන්නා බහුතර ජනතාව 

කවුරුන් හට සමාන කළ හැකි ද? මිනිස් වර්ගයා පෙළන මාරාන්තික 

රෝගයට නිසැක සුවය ලබාදෙන දිව්‍ය ඔසුවක් ලැබී තිබියදීත්, 

නිසි විහරණ අනුව එය පරිහරණය කරනු වෙනුවට, එය වට්ටෝරුවක් 

සේ ජප කරමින්, යාතිකා කරමින්, සුවඳ දුම් පුදමින් පමණක් සිටින 

අවාසනාවන්ත රෝගීන්ට ඔවුන් සමාන කළ හැක.

එසේම, තම ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාගෙන් ලැබූ ආනුභාව සම්පන්න 

මහෞෂධය ද සජ්ඣායනය කරමින් සිටිනු මිස, එය මැදුම් පිළිවෙතින් 

ප‍්‍රායෝගික ව ප‍්‍රයෝග නොකරන මෙරට බහුතර බෞද්ධයන් ද 

ඊට දෙවැනි නැත.


ධනයට, බලයට කෑදරකමින් ධර්ම-ක්ෂය-රෝගය ඔඩු දිවූ ලෙඩ 

වාට්ටුවක් බවට අද අපේ සමාජය පත් වී ඇත්තේ එ් නිසා නොවේ ද?